30 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුලතිව් කැණීම්වලින් මිනිස් අස්ථි 13ක් හමුවෙයි

මුලතිව් කැණීම්වලින් මිනිස් අස්ථි 13ක් හමුවෙයි

මුලතිව් – කොක්කුතුඩුවායි ප්‍රදේශයේ කැණීම් කටයුතුවලින් මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවීමෙන් පසු ඊයේ (06) යළි කැණීම් කටයුතු සිදු කෙරුණා.

කැණීම් කටයුතුවලට අනුව ස්ථාන 13 ක මිනිස් අස්ථි කොටස් ඇති බවට අධිකරණ වෛද්‍ය පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

පසුගිය මස 29 වැනිදා කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවුණා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල සම්බන්ධතාවක් ලබාදීම සඳහා මාර්ගය හාරමින් සිටියදීයි මෙම මිනිස් අස්ථි කොටස් හමුවී ඇත්තේ.

ඔවුන් මේ බව අධිකරණයට දැන්වීමෙන් පසු මුලතිව් දිසා විනිසුරු ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ පැවැත්වූහ. ඒ අනුව ඊයේ එම ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදු කෙරුණා.