පාසල් සිසුන් සිව්දෙනෙකු අපයෝජනය කළ සැකකාර පුද්ගලයන් දෙදෙනෙකු අද (07) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අලුත්ගම සංචාරක නිකේතනයක් තුළ අවස්ථා ගණනාවකදීම අධි සැර මත්වතුර පානයට දී මෙම සිසුන් අපයෝජනයට ලක් කර ඇති බවයි.
වයස අවුරුදු 14, 15, 16 වයස් වල පසුවන සිසුන් සිව්දෙනා අධ්‍යාපනය ලබන පාසලේ පන්තිභාර ගුරුවරුන් සහ විදුහල්පතිවරයා විසින් අලුත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පාසල් සිසුන් හතර දෙනා සහ සැකකරුවන් දෙදෙනා කලක පටන්, මුහුණු පොත හරහා ටික්ටොක් ඇසුරක් මගින් හඳුනාගෙන විටින් විට අලුත්ගම, ගඟබඩ පාරේ සංචාරක නිකේතනයක් තුළට ගෙන්වා සැර මත්වතුර බොන්නට දී මත් වූ පසු සිසුන්ට බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර ඇති බවයි මෙම සිසුන් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.
පන්තිකාමරය තුළදී මෙම සිසුන්ගේ වෙන්ස්කම පිළිබඳ අවධානය යොමු කළ විදුහල්පතිවරයා හා ගුරුවරුන් මේ පිළිබඳව සිසුන්ගෙන් විමසා තිබේ. එහිදීයි සිසුන් මේ පිළිබඳව ඔවුන්ට පවසා තිබෙනවා.
ඒ අනුව පොලිසිය ඊට සම්බන්ධ 45 හා 39 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අලුත්ගමදී අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් සතු ස්මාට් ජංගම දුරකථන පරික්ෂා කිරීමේදී එහි තිබූ වීඩියෝ දර්ශනවල මෙම සිසුන් ද සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.
පොලිස් භාරයේ පසුවන සිසුන් සිව්දෙනා අධිකරණ වෛද්‍ය පරීක්ෂාවකට යොමු කිරීමට කළුතර ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ.


