― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය විදේශ ලේකම් දිවයිනට

ඉන්දීය විදේශ ලේකම් දිවයිනට

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වත්‍රා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (10) රාත්‍රියේ දිවයිනට පැමිණි බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළා.

විදේශ ලේකම්වරයා සමඟ දූත පිරිස ලෙස තවත් තිදෙනකු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මෙම පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී- 33 දරණ ගුවන් යානයෙන් ඊයේ (10) රාත්‍රී 08.55 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඉන්දීය විදේශ ලේකම්වරයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.