27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුඵල ගන්න දේවාලයෙන් දුන් බෙහෙතක් පානය කළ තරුණියක් මියයයි

දරුඵල ගන්න දේවාලයෙන් දුන් බෙහෙතක් පානය කළ තරුණියක් මියයයි

දරුඵල ප්‍රමාදවීම හේතුවෙන් අත්බෙහෙතක් පානය කළ තරුණියක් මියගොස් ඇති බව මින්නේරිය පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඩී.ජි දිල්මි සදුනිකා විජේරත්න නමැති සීගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක තරුණියකි.

මීට වසර 3කට පමණ පෙර විවාහ වී ඇති මියගිය තරුණියට මේවනතුරු දරුඵල හට නොගැනීම හේතුවෙන් සිය පියාගේ ඥාති නැන්දනියක පවත්වාගෙන දේවාලයකට ගොස් දේශීය ඖෂධයක් දින තුනක් තිස්සේ පානය කර ඇත.

පසුව ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් අද දින ජයන්තිපුර රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ් වන විටත් ඇය මියගොස් සිටි බව සඳහන්.