25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසරේ මේ දක්වා කාලය තුළ රිය අනතුරු 1126ක්

වසරේ මේ දක්වා කාලය තුළ රිය අනතුරු 1126ක්

2023 ජූලි 09 වැනි දා දක්වා මාරක රිය අනතුරු 1126ක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

ඉන් පුද්ගලයින් 1190 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

රියැදුරන්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් රිය අනතුරු බොහොමයක් සිදුවන බව පොලීසිය පැවසීය.

ලෝකයේ සෑම තත්ත්පර 20කට වරක්ම එක් පුද්ගලයෙකු රිය අනතුරක් හේතුවෙන් මියයන බවයි සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.

ඒ අනුව දිනකට ලෝකයේ රිය අනතුරු හේතුවෙන් 3750 ක් මියයන අතර එය වසරකට මිලියන 1.2ක් 1.3ක් අතර අගයක් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

මාර්ගය භාවිත කිරීමේදී රියැදුරන්, පදිකයින්, පැදිකරුවන් ආදීන්ගේ නොසැලකිලිමත්කම අපරීක්ෂාකාරීකම සහ මාර්ග නීතිවලට අවනත නොවීම බොහෝ රිය අනතුරුවලට හේතුවයි.