― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පෙති 2250ක් සමඟ අයෙක් අත්‌අඩංගුවට

මත්පෙති 2250ක් සමඟ අයෙක් අත්‌අඩංගුවට

රද්දොළුව නිවාස සංකීර්ණයේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත වැටලීමක්‌ සිදුකර කොකේන්‌ මත්ද්‍රව්‍ය ග්‍රෑම්‌ 25 මිලිග්‍රෑම්‌ 400ක්‌ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන්‌ කරන ලද ප්‍රශ්න කිරීමේදී සැකකරුට අයත්‌ වෙළඳසැල පිටුපස සගවා තිබියදී මත්පෙති 2250 ක්‌ සොයා ගෙන ඇත. අත්‌අඩංගුවට ගත්‌ සැකකරු වයස අවුරුදු 37 ක්‌ වන රද්දොළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (11) දින මීගමුව ගරු මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමෙන්‌ අනතුරුව (15)වන දින දක්වා රැඳවුම්‌ නියෝග ලබා ගෙන තිබේ. පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.