26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් මෙරටට නව බස් රථ 24ක්

ඉන්දියාවෙන් මෙරටට නව බස් රථ 24ක්

ඉන්දීය රජයේ ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ නව බස් රථ 24ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත භාරදී තිබේ.

යාපනයේ ඊයේ (13) පැවති උත්සවයේදී මෙම බස් රථ භාරදීම සිදු විය.

ඒ අනුව වව්නියාවට බස් රථ 04ක්, කිලිනොච්චියයට බස් රථ 04ක්, මන්නාරමට බස් රථ 03ක්, මුලතිව් බස් රථ 30ක්, යාපනයට බස් රථ 04ක්, පරුත්තුරේ ප්‍රදේශයට බස් රථ 03ක් සහ කරෙයිනගර් ප්‍රදේශයට බස් රථ 03ක් බැගින් මෙම බස්රථ 24 බෙදා දී ඇත.

ප්‍රවාහන මහාමාර්ග ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන, ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද, යාපනයේ ඉන්දීය නියෝජ්‍ය කොන්සල් ජනරාල් රාකේෂ් නටරාජ් ජයපාස්කරන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශ්‍රීමා අල්විස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ යන යන අය මෙම අවස්ථාවට එක්විය.