27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි

මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (20) පාර්ලිමේන්තුවේදී පැවති අතර විවාදය අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ වෙනුවෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා.

මෙහිදී පැවති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 24ක් හිමි වුණා.

මේ අනුව දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 42 කින් සම්මත වී තිබෙනවා.

ඉන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන එක්කිරීම සිදු කෙරුණා.

අනතුරුව තෙවැනි වර කියවීම සිදු වූ අතර සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත වුණා.