30 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

ඉන්දියාවේ දෙදින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.196 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.25 ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අතර තුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය ජනපතිනී ද්‍රෞපදි මුර්මු ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙක් සමඟ සාකච්ඡා පැවැත්වුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා දිනයේ ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි.