30 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ගැන නිර්දේශයක්

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ගැන නිර්දේශයක්

සාමාන්‍ය පෙළ විභාගය 10වන ශ්‍රේණියේදීත් උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා.

එම කාරක සභාවේ සභාපති අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් එම වාර්තාව ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවට ස්වාධීනව කටයුතු කරන උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීමට ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිර්දේශ කර ඇති බවයි.