26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇළ මාර්ගයක අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක්

ඇළ මාර්ගයක අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක්

අලුත් උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබී අද (24) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ කුඩා පාලමක් යට ඇළ මාර්ගයේ තිබූ මෙම මළ සිරුර වතු කම්කරුවන් පිරිසක් දැක ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව වතු කම්කරුවන් පිරිසක් විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම බිළිඳු මළ සිරුර සොයාගත් බවයි නොර්වුඩ් පොලීසිය සඳහන් කළේ.

පොලිතින් උරයක දමා මෙම බිළිඳු මළ සිරුර ගෙනවිත් දමා ඇති අතර බිළිඳා බිහිකළ මව සොයා නොර්වුඩ් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.