29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොටගල පුංචි දැරියකගෙන් ලෝක වාර්තාවක්

කොටගල පුංචි දැරියකගෙන් ලෝක වාර්තාවක්

හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි 03 හැවිරිදි දැරියක් ලෝක වාර්තාවක් පිහිටිවීමට සමත් වී තිබේ.

සෙන්තුල් කුමාර් භවිෂනා (03) නැමති එම දැරිය ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හඳුන්වා දීමෙන් එම වාර්තාව තබා ඇත.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන ඓන්ටෙර්නටිඔනල් ඹූක් Oෆ් ර්‍එcඔර්ඩ්ස් නැමති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවීම සඳහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය ඉකුත් අප්‍රේල් මස 06 වැනිදා ඉදිරිපත් වී ඇති අතර පරිගණකයෙන් ලෝක රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නාමයන් විනාඩියයි තත්පර 06 කින් නම් කර මෙම වාර්තාව පිහිටුවා තිබේ.

දැරියගේ පියා සඳහන් කළේ තම දියණිය විසින් ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවීම හේතුවෙන් ඇයට හිමි සහතිකය සහ පදක්කම තම දැරිය වෙත මේ වන විට එවා ඇති බවයි.