― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංචාරක වීසා යොදාගෙන කතුන් රට යැවූ “ඩොල්ලා ” දැලේ

සංචාරක වීසා යොදාගෙන කතුන් රට යැවූ “ඩොල්ලා ” දැලේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව, සංචාරක වීසා මගින් කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ ජාවාරමක නිරත වූ ඩොල්ලා නමින් අන්වර්ත නාමයකින් පෙනී සිටි ෂිරාෆ් සාදික් නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පසුගිය 21වැනිදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසිනි.

සැකකරු වංචනික අයුරින් සංචාරක වීසා මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් සඳහා කාන්තාවක් යොමුකර ඇත. එහිදී ඇයට විදීමට සිදුවූ අනේකවිධ හිරිහැර හේතුවෙන් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යන සුරක්ෂා නිවාසය භාරයේ රැදී සිට තිබේ. එහිදී එම කාන්තාව විසින් සිදුකරන ලද පැමිණිල්ල අනුව හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කාර්යාංශයට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව සංචාරක වීසා මගින් කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ චෝදනාව යටතේ සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.