― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුන් හැවිරිදි දරුවාගේ ඇඟට පියා උණුවතුර හලලා

තුන් හැවිරිදි දරුවාගේ ඇඟට පියා උණුවතුර හලලා

බීමතින් පැමිණි පියෙකු විසින් තම අවුරුදු තුනක් වන දරුවාගේ ශරීරයට උණු වතුර වත්කර පිළිස්සුම් තුවාල සිදුකළ පුවතක් ලිඳුල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එහිදී බරපතළ පිළිස්සුම් තුවාල සහිතව දරුවා ඊයේ (24) පස්වරුවේ ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඊයේ (24) පස්වරුවේ අධික ලෙස බීමතින් පැමිණි පියා ඔහුගේ මව සමඟ ඇතිකරගත් ආරවුලකින් පසු මුළුතැන්ගෙට ගොස් රත් වී තිබූ කේතලයේ උණු වතුර ගෙන දරුවාගේ ඇඟට වත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දරුවාගේ කොන්ද සහ පිට ප්‍රදේශයට බරපතළ පිළිස්සුම් තුවාල සිදුව තිබෙනවා. මෙම දරුවාගේ මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර දරුවා මිත්තණිය භාරයේ හැදී වැඩී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් දරුවාගේ මිත්තණිය විසින් ලිඳුල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ලිඳුල, බෙයාර්විල් වත්තේ පදිංචි සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළිස්සුම් තුවාල ලැබූ දරුවා මේ වනවිට ලිඳුල ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.