26.2 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රියේ ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

බෙලිඅත්ත සිට වව්නියාව දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව මොරටුව පොලීසිය (25 ) පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ මොරටුව කොරළවැල්ල ජුබිලි පාර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මුතුතන්ත්‍රිගේ සුරේකා නිරෝෂනී ප්‍රනාන්දු නමැති දෙදරු මවකි.

ඇයට වයස අවුරුදු 3ක සහ 6ක දරුවන් දෙදෙනෙකු සිටින බවත් ඉකුත් මාර්තු මස 21 වැනිදා ඇති වූ ආරවුලකින් පුද්ගලයෙකු විසින් කඩුවකින් තවත් පුද්ගලයෙකු ගේ දෙඅත් මැණික් කටුව ආසන්න ප්‍රදේශයෙන් වෙන්වන ලෙස කපා දමා තිබූ අතර එලෙස තුවාල ලැබූ අයගේ බිරිඳ මෙලෙස දුම්රියේ ගැටී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මොරටුව පොලිස් ස්ථානය මගින් තවදුරටත් විමර්ශන සිදුකරයි.