26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුල්ලේරියාව මානසික රෝහල තුළ රෝගියෙකු මිය යෑමේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

මුල්ලේරියාව මානසික රෝහල තුළ රෝගියෙකු මිය යෑමේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු ඊයේ (28) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද (29) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රෝගියා පහරකෑමට ලක්ව මිය ගොස් ඇති බවට වාර්තා වනවා අතර, මෙම සිද්ධියක් සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබෙනවා.