27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් බස් රථයක් පෙරළෙයි – 13ක් රෝහලට

තවත් බස් රථයක් පෙරළෙයි – 13ක් රෝහලට

ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

බස් රථයේ ගමන් කළ කාන්තාවන් ද ඇතුලු 13 දෙනෙකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රියදුරාට නින්ද යාම හේතුවෙන් බස් රථය ඔහුගේ පාලනයෙන් ගිලිහී ගොස් අනතුරට ලක්ව ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.