30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ත්‍රීරෝද රථයක් ලංගම බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඇඹිලිපිටිය මිද්දෙනිය පාරේ කුඹුගොඩආර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු වු කටුවන, බූරැන්දයායේ පදිංචිකරුවෙකු වු ජී.ඒ.රංජිත් නැමැති පනස් හැවිරිදි පුද්ගලයෙක්.

තුවාල ලබා ඇත්තේ ද ත්‍රිරෝද රථයේ පැමිණි තිදෙනෙකි. ඔවුන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. ලංගම බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.