30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇෆ්ගන් ගැහැණු දරුවන්ට 3 ශ්‍රේණියෙන් ඔබ්බට ඉගෙනීම තහනම්

ඇෆ්ගන් ගැහැණු දරුවන්ට 3 ශ්‍රේණියෙන් ඔබ්බට ඉගෙනීම තහනම්

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලයට පත් වූදා සිට කාන්තාවන්ට එරෙහිව දැඩි තහංචි පනවා ඇත.

කාන්තාවන්ට රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යාමට අවසර නොමැති අතර කාන්තාවන් මෝටර් රථයකින් පිටත ගමන් කරන විට ඔවුන් සමඟ පිරිමි සහයකයෙක් පැමිණිය යුතුය වැනි විවිධ නීති පනවා තිබේ.

මේ තත්ත්වය තුළ ගැහැනු දරුවන් තුන්වැනි පන්තියෙන් ඔබ්බට අධ්‍යාපන කටයුතු කරගෙන නොයන ලෙස තලේබාන් රජය නියෝග කර ඇත.

ඔවුන් පාසල්වලට නියෝග කර ඇත්තේ වයස අවුරුදු 10ට වැඩි දැරියන් වහා නිවෙස්වලට යවන ලෙසයි.