27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය හරස් මාර්ගයක් දින 03කට වැසෙයි

දුම්රිය හරස් මාර්ගයක් දින 03කට වැසෙයි

පොළොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර සැ. 160 දම්. 69 දරණ ස්ථානයේ පිහිටි ‘මානික්කම් පට්ටිය’ මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය මේ මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනුයි මෙලෙස දින 03ක් එම මාර්ගය වසා තැබෙන්නේ.

ඒ අනුව මේ මස 10 වැනිදා පෙරවරු 7.00 සිට 11 වැනිදා රාත්‍රී 8.30 දක්වා අර්ධ වශයෙන් ද, 12 වැනිදා පෙරවරු 7.00 සිට 13 වැනිදා රාත්‍රී 8.30 දක්වා සම්පූර්ණයෙන් ද, වාහන ගමනා ගමනය සඳහා සම්පූර්ණයෙන් ද, වසා තබන බව එම දෙපාර්තමේන්තුව පවසයි.