30.6 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනවගමුව සිද්ධියේ හිමිනම අත්අඩංගුවට

නවගමුව සිද්ධියේ හිමිනම අත්අඩංගුවට

නවගමුව, බෝමිරිය, රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් ලෙස හඳුන්වමින් නිවසක සිටි පල්ලේගම සුමන නමැති චීවරධාරියෙක් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුට නොමනා ක්‍රියාවන් සිදු කළ බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි මතයි මෙම චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීට මාස 02කට පමණ ඉහතදී කාන්තාවන් දෙදෙනෙකුට සහ මෙම චීවරධාරියාට නිවසක් තුළදී ගම්වාසීන් විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ගැටළුකාරී තත්ත්වයක්ද ඇතිවී තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා අද (08) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.