31 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතියට පිටින් ගිය SI ගේ වැඩ තහනම්

නීතියට පිටින් ගිය SI ගේ වැඩ තහනම්

පොලිස් මූලස්ථානය විසින් නීතියට පිටින් ගොස් අල්ලස් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයකුට නීති මඟින් කටයුතු නොකිරීම සඳහා අල්ලස් ලබාගත් ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව විශේෂ අපරාධ විමර්ශන අංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 2017 වර්ෂයේ ඇඹිලිපිටියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කරමින් සිටියදී මෙලෙස අල්ලස් මුදල් ලෙස රුපියල් දහඅට දාහක මුදලක් බැංකුවකට බැර කරගෙන තිබූ බවයි.