33.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම් හුටපටයක් පිහි ඇනුමකින් කෙළවර වෙයි

පෙම් හුටපටයක් පිහි ඇනුමකින් කෙළවර වෙයි

පාසල් යමින් සිටි පාසල් සිසුවියකට පිහි ඇනුමක් සිදුකළ තරුණයෙක් ගම්වාසින් විසින් අල්ලා ගස් බැඳ හසලක පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

හසලක, මොරයාය ප්‍රදේශයේ අද (08) උදෑසන මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පිහි ඇනුමට ලක්වූ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවිය ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පිහි ඇනුම සිදුකළ තරුණයා ජයසිරිගම, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු 24 හැවිරිදි වියේ පසුවන්නෙක්.

අදාළ සිසුවිය සැකකරු සමඟ ෆේස්බුක් ඔස්සේ හදුනාගෙන කලක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. සිසුවිය විසින් ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමීම හේතුවෙන් ඊට උරණ වී මෙම පිහි ඇනුම සිදුකළ බව සැකකරු විසින් ප්‍රශ්න කිරීම් හමුවේ පොලිසියට පවසා ඇති බව සඳහන්.

සැකකරු ඊයේ (07) රාත්‍රියේ මිණිපේ, මොරයාය ප්‍රදේශයට පැමිණ පාසල ඉදිරිපිට පාළු නිවසක නැවතී සිට සිසුවිය උදෑසන පාසලට පැමිණෙන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.