29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික අංශයේ පොලී අනුපාත තවදුරටත් පහළ යා යුතුයි

පෞද්ගලික අංශයේ පොලී අනුපාත තවදුරටත් පහළ යා යුතුයි

පහළ යන මෙරට උද්ධමනය අනුපාතය අනුව පෞද්ගලික අංශයේ පොලී අනුපාත තවදුරටත් පහළ යා යුතු බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසීය.

මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) පැවති උත්සවයකදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළ සියයට 03ක හැකිලීමට වඩා ආර්ථිකයේ ශක්තිමත් කාර්යය සාධනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වනු ඇති බවත් උද්ධමනය සියයට 4ත් 6ත් අතර අගයකට ළඟාවීම මහ බැංකුවේ ඉලක්කය බවත් හෙතෙම එහිදී අවධාරණය කර තිබේ.

මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ උද්ධමනය සහ මුදල් පීඩනය මැඩපැවැත්වීම සඳහා වාර්තාගත ලෙස පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගත් අතර පසුගිය මාස දෙක තුළ ප්‍රතිපත්ති අනුපාත පදනම් අංක 450කින් පමණ අඩුකිරීමට හැකි වූ බව මහ බැංකු අධිපතිවරයා පවසන්නේ.