31 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තරයක් රුපියල් 35ට දිය හැකියි

බිත්තරයක් රුපියල් 35ට දිය හැකියි

මෙරට නිෂ්පාදනය කරන බිත්තර උපරිම සිල්ලර මිල රුපියල් 35 කට අලෙවි කළ හැකි බව වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් අදාළ ගණනය කිරීම සිදුකර ඇති බවත් දිනකට ලක්ෂයකට වඩා බිත්තර නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් සිව්දෙනෙක් කර්මාන්තයට විශාල බලපෑමක් කරමින් වැඩි මිලට බිත්තර අලෙවි කරන බව අනාවරණය වී ඇති බවත්ය.

එමෙන්ම මීට පෙර රුපියල් 300කට පමණ අලෙවි කළ කුකුළු පැටවෙක් මේ වනවිට රුපියල් 950 පමණ දක්වා වැඩිකර ඇති නිසා කුඩා සහ මධ්‍ය පරිමාණ කුකුළු ගොවීන්ට කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.