මත්පෙති ජාවාරමේ යෙදුන බව කියන පුද්ගලයෙක් 8 දා බදුල්ල නගරයේදී පොලිස් විශේෂ කාර්යබලකා පැල්ගහතැන්න කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
ලැබුණ තොරතුරක් මත උපාය දූතයෙක් යොදවා කළ මෙහෙයුමේදී සැකකරු කොටුවූ බවත් ඔහු සන්තකයේ තිබී මත් පෙති 60 ක් සොයාගත් බවත් විශේෂ කාර්ය බලකා නිලධාරිහු පැවසූහ .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල සුමනතිස්සගම පදිංචි තරුණයෙකි.
ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා බදුල්ල පොලිසියට භාරදී තිබේ .


