26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාතලේ - මහනුවර දුම්රිය ධාවනය තාවකාලිකව නවතී

මාතලේ – මහනුවර දුම්රිය ධාවනය තාවකාලිකව නවතී

මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.

මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගය නඩත්තු කිරීමක් හේතුවෙන් මෙම මස 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 21 වැනිදා පෙරවරු 04.00 දක්වා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදු නොවන බව ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ පැවසීය.