26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහලාවත රෝහලේ හෙද නිලධාරියෙක් රෝහල තුළ දී දිවි නසාගෙන

හලාවත රෝහලේ හෙද නිලධාරියෙක් රෝහල තුළ දී දිවි නසාගෙන

හලාවත මහ රෝහලේ සේවය කරමින් සිටි හෙද නිලධාරියෙකු කිසියම් ඖෂධයක් එන්නත් කර ගෙන සියදිවි හානි කර ගෙන ඇති බව වාර්තා වනවා.

ඊයේ (11) රාත්‍රී 8.40ට පමණ මෙම මරණය සිදුව ඇති බවයි හලාවත පොලිසිය පැවසුවේ.

මෙලෙස සියදිවි හානි කර ගෙන ඇත්තේ හලාවත, ඊබට් සිල්වා වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 42ක හෙද නිලධාරියෙක්.

හලාවත මහ රෝහලේ දන්ත ශල්‍යාගාර විවේකාකාරයේ තිබී මිය සිටි පුද්ගලයාගේ මළ සිරුර සොයාගැනීමට හැකිව තිබෙනවා.

මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම හෙද නිලධාරියා කිසියම් ඖෂධයක් තම සිරුරට එන්නත් කරගෙන ඇති බවයි.

මෙම හෙද නිලධාරියා කුමන හේතුවක් මත මෙලස සියදිවි නසාගත්තා ද යන්න පිළිබදව කිසිඳු හෝඩුවාවක් මේ වන විටත් අනාවරණය වී නැහැ.

මෙම මරණය සම්බන්ධයෙන් මේ වන විට රෝහල් අභ්‍යන්තරයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) දින හලාවත මහ රෝහලේ දී සිදුකිරීමට නියමිතයි