26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී දළඳා පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

ශ්‍රී දළඳා පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

හනුවර ශ්‍රී දළඳා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ (25) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.

අවසන් කුඹල් පෙරහැර ඊයේ පස්වරු 07.02ට යෙදුනු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ කළා.

පෙරහැර දළඳා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ගෙවදීම සිදු කෙරුණා.

අවසන් කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව වඩම්මවීම සඳහා භාග්‍යය ලැබුණේ කතරගම වාසනා හස්තියාටයි.

මේ අතර දළඳා පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (26) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

පළමු රන්දෝලි පෙරහැර අද (26) පස්වරු 07.10ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ කිරීමට නියමිතයි.