Home Hot News මත් පෙති තොගයක් සමඟ නීතිඥවරයෙකු අත්අඩංගුවට

මත් පෙති තොගයක් සමඟ නීතිඥවරයෙකු අත්අඩංගුවට

0
මත් පෙති තොගයක් සමඟ නීතිඥවරයෙකු අත්අඩංගුවට

මත් පෙති විශාල තොගයක් සමඟ ඊයේ (31) මැදවච්චියේදී නීතිඥවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෛද්‍යවරයකුගේ නිර්දේශයකින් තොරව මෙම නීතිඥවරයා විසින් මත් පෙති වර්ග දෙකකට අයත් පෙට්ටි 76ක් ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පූනෑව පණ්ඩුකාභය නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් සහ ජාතික ඖෂධ හා ආහාර පාලන අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින්
කරන ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලිසිය පැවසුවේ.