26 C
Colombo
Thursday, December 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාරි පොට යතුරුපැදියේ පසුපස රෝදය එතීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

සාරි පොට යතුරුපැදියේ පසුපස රෝදය එතීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

සාරි පොට යතුරුපැදියේ පසුපස රෝදය එතීමෙන් මහමග ඇද වැටුණු කාන්තාවක් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි පෝරතිව් ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය වෙනවා.

පුත්‍රයා සමඟ කෝවිල් යාමට යතුරු පැදියෙන් ගමන් කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසනවා.

අනතුර සම්බන්ධයෙන් කලවංචිකුඩි පොලිසිය විමශර්න ආරම්භ කර ඇති අතර, යතුරුපැදිය පැද වූ මියගිය කාන්තාවගේ පුතා අත්අඩංගුවට ගත් බවයි.