26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයා ජීවිත ගමනට සමුදෙයි

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයා ජීවිත ගමනට සමුදෙයි

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හීත් ස්ට්‍රීක් මියගොස් ඇති බව ඔහුගේ බිරිඳ විසින් තහවුරු කර තිබේ.

දීර්ඝ කාලයක් පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටි හීත් ස්ට්‍රීක් අද (03) උදෑසන මියගිය බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහුගේ බිරිඳ සඳහන් කර ඇත.

මියයන විට ඔහු 49 හැවිරිදි වියේ පසුවුණි.

රෝගීව සිටි හීත් ස්ට්‍රීක් මියගිය බවට මීට දින කිහිපයකට පෙර ද වාර්තා වී තිබු නමුත් එය අසත්‍යයක් බවට ඔහු විසින්ම තහවුරු කර තිබුණි.