25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැල්ලම්පිටියේ නාඳුනන මළ සිරුරක්

වැල්ලම්පිටියේ නාඳුනන මළ සිරුරක්

වැල්ලම්පිටිය, සිංහපුර නාන ළිඳ අසළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (04) දහවල් කාලයේදී 119 තොරතුරු මධ්‍යස්ථානයට ලද තොරතුරක් මතයි වැල්ලම්පිටිය පොලීසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.

පොලීසිය පවසන්නේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 50ත් 55ත් අතර වයසේ පසුවන උස අඩි 05 අඟල් 03ක් පමණ වන පුද්ගලයෙක් බවයි.

ඔහු අවසන් වරට දම්පාට පසුබිමේ සුදු ඉරි සහිත අත්කොට කමිසයක් සහ මිශ්‍ර වර්ණයෙන් යුත් සරමක් හැඳ සිට ඇති අතර මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.