කුකුළු මස් මිල සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කළේ ය.
ඒ අනුව දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසීය.
මේ අතර දැනට කුකුළු මස් හිඟයක් නොමැති බවත් සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයන් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේ ය.


