මඩකලපුව, ත්‍රිකුණාමලය මාර්ගයේ ඕටමාවඩි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ සිදු වූ අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් ව තිබේ.
පෞද්ගලික බස්රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
13 හැවිරිදි දැරිය, වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
යතුරුපැදිකරු ද බරපතළ තුවාල ලබා එම රෝහලේම ප්‍රතිකාර ලබන බව සඳහන්.
අනතුරට සම්බන්ධ පෞද්ගලික බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බව ද අනාවරණය වී තිබෙනවා.


