30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව සුන්දරම විවාහක කාන්තාව ශ්‍රී ලංකාවට

ලොව සුන්දරම විවාහක කාන්තාව ශ්‍රී ලංකාවට

2022 – ලෝක විවාහක රූ රැජින වන ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් අද (09) උදෑසන මෙරටට පැමිණියා.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින – 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා ඇය මෙලෙස ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරගය ලබන 13 වනදා පෙරවරුවේ කොළඹ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 142 දරන ගුවන් යානයෙන් ඇය මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මෙරටට පැමිණි 2022 – ලෝක විවාහක රූ රැජින පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.