30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅක්ෂි කාච ගැන විශේෂ දැනුම්දීමක්

අක්ෂි කාච ගැන විශේෂ දැනුම්දීමක්

ඉදිරි මාස එක හමාරක කාලය සඳහා ප්‍රමාණවත් අක්ෂි කාච සෞඛ්‍ය අමාත්‍යංශය සතුව පවතින බවත් නව අක්ෂි කාච මිලදී ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ද මේ වන විට ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

පසුගිය දිනවල මාධ්‍ය මඟින් වෛද්‍ය සැපයුම් අංශය සතුව අක්ෂි කාච නොමැති බවට විවිධ ප්‍රචාරයන් සිදුවුණ අතර එවැනි තත්ත්වයක් නොමැති අතර වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතියේ ඇතිවූ අඩුපාඩුවක් මත තොග අවසන් වී ඇති බවට සඳහන් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.