29 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතවත් ප්‍රබල භූ කම්පනයක්

තවත් ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ හල්මහෙරා ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.0ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

ඒ බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ ය.

මේ අතර එම භූමිකම්පාව සම්බන්ධයෙන් ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කළේ එය රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.2 අගයක් සටහන්ව ඇති බවයි.

මෙම භූමිකම්පාව කිලෝමීටර් 160 ක් ගැඹුරින් සිදුව ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය කියා සිටියේ ය.

කෙසේ වෙතත්, මෙම භූමිකම්පාවෙන් සිදු වූ ජිවිත හෝ දේපළ හානි පිළිබඳව තවමත් නිල වාර්තා ලැබී නොමැත.