27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුම නතර කරන බව ඇමති කියයි

අස්වැසුම නතර කරන බව ඇමති කියයි

අවුරුදු 03ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් පවසයි.

එම පුද්ගලයින් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලැස්මක් සකස් කළ බවත් ඒ අනුව සමෘද්ධි PLUS වැඩසටහන යටතේ එම පුද්ගලයින් විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සමෘධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘද්ධි කළමනාකරුවන්ගෙන් අදහස් ලබා ගැනීමද මේ වනවිට ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.