― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsනිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අයට දැඩි දඬුවම්

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අයට දැඩි දඬුවම්

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද තැනැත්තන්ට දැඩි දඬුවම් පැනවිය හැකි වන පරිදි නව නීති සකස් කර තිබෙනවා.

එම නීති සකස්කර ඇත්තේ ප්‍රේම සබඳතා පවත්වන අතරතුර දී ලබා ගන්නා පුද්ගලික සහ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන, එම සබඳතා නතරවීමෙන් අනතුරුව හිරිහැර කිරීමේ අදහසින්, වෙනත් තැනැත්තන්ට බැලීමට හැකි වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණින්.

එයට අදාළ නීති ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසිනුයි එය ඉදිරිපත් කර ඇත්තේ.

ඒ අනුව එවැනි වරදකට පළමු වරට හසුවන තැනැත්තකුට වසර පහක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට යටත් කළ හැකියි.

එමෙන්ම එවැනි වරදකට දෙවැනි වරට හෝ නැවත නැවත හසුවන යම් තැනැත්තකුට අදාළ දඬුවම හෝ දඩ මුදල් දෙගුණයක් කරනු ලැබීමට හෝ දඬුවම් සහ දඩ මුදල යන දෙකම හෝ එය දෙගුණයක් කිරීමට ද හැකියාව පවතිනවා.