27.6 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේ සතියේ මෙරටට කහ උණ එන්නත් 2000 ක්

මේ සතියේ මෙරටට කහ උණ එන්නත් 2000 ක්

මේ සතියේ මෙරටට කහ උණ සඳහා පාවිච්චි කෙරෙන එන්නත් 2000 ක් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසීය.

මෙම එන්නත් මිලදී ගනු ලැබූවේ යුනිසෙෆ් සංවිධානය මාර්ගයෙනි.

කහ උණ එන්නත් හයදහසක් පමණ මෙරටට අවශ්‍ය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අප්‍රිකානු රටවලට වෙනත් රටවලින් යන පුරවැසියන් සියළු දෙනා මෙම එන්නත ලබා ගැනීම අනිවාර්යය වේ. එම රටවලට යෑමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් පන්දහසකට ආසන්න පිරිසක් මෙම එන්නත ලබාගැනීමට පෝලිමේ සිටින බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.