31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියනෑමට ගිය තරුණයෙක් නිල්වක ඔයට බිලිවෙයි

දියනෑමට ගිය තරුණයෙක් නිල්වක ඔයට බිලිවෙයි

බුලත්සිංහල, අක්කර 50, හල්වතුර ප්‍රදේශයේ නිල්වක ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු ඊයේ (26) සවස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

22 හැවිරිදි මෙම තරුණයා හොරණ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය පැවසුවේ. මෙම තරුණයා තවත් පුද්ගලයින් සිව්දෙනෙකු සමඟ දියනෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවටයි තොරතරු වාර්තා වුණේ.

දියේ ගිලිණු මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් එක්ව ගොඩගෙන ප්‍රතිකාර සඳහා ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය ඉංගිරිය රෝහලේ තැන්පත් කර ඇති අතර බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.