27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහියංගනය පෙරහැරට සහභාගී වූ ඇතින්නකට වෙඩි ප්‍රහාරයක්

මහියංගනය පෙරහැරට සහභාගී වූ ඇතින්නකට වෙඩි ප්‍රහාරයක්

මහියංගනය රජ මහා විහාරයේ පෙරහැරට සහභාගී වූ ඇතින්නක් පෙරහැර නිම වීමෙන් පසුව මහවැලි ගඟ අයිනේ ගැටගසා සිටිය දී වනජීවී නිලධාරීන් විසින් වෙඩි තබා ඇති බව වාර්තා වනවා.

ගඟෙන් පැමිණි වන අලියෙකු යැයි සිතා වනජීවී නිලධාරීන් විසින් අද (30) අලුයම මෙම සත්වයාට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඇතින්නට වෙඩි තැබූ බවට සැකකෙරෙන වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වන ජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයකු පැමිණ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇතින්නට ප්‍රතිකාර කිරීම අරඹා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අවුරුදු 47ක් වයසැති මහරගම සීතා ඇතින්නට බවයි තොරතරු වාර්තා වුණේ.