26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවර්ෂාවත් සමඟ ඩෙංගු මදුරු කීට ඝණත්වය යළි ඉහළට

වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරු කීට ඝණත්වය යළි ඉහළට

වර්ෂාවත් සමග ඩෙංගු මදුරු කීට ඝණත්වය ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසයි.

වියළි කාලගුණයත් සමග පහල ගොස් තිබූ බ්‍රිටෝ දර්ශක අගය මේ වන විට වැඩිවී ඇති බවයි එහි සභාපති නජිත් සුමනසේන මහතා පැවසුවේ.

මදුරු කීට ඝණත්වය ඉහළ යාමට සාපේක්ෂව ඉදිරියේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම ද ඉහළ යා හැකි බව ඔහු සඳහන් කළේ ය.

මේ මාසය තුළ ඩෙංගු රෝගීන් 2500 දෙනෙකු වාර්තාවී ඇතැයි, ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.