29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දීය ප්‍රසිද්ධ නළුවෙකුගේ මෝටර් රථයක ගැටී කාන්තාවක් මියයයි

ඉන්දීය ප්‍රසිද්ධ නළුවෙකුගේ මෝටර් රථයක ගැටී කාන්තාවක් මියයයි

සුප්‍රසිද්ධ කන්නඩ නළු නාගභූෂණ ඊයේ (30) බැංගලෝර් ප්‍රදේශයේ දී අධික වේගයෙන් ගමන් කරමින් සිටියදී මෝටර් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව තිබෙනවා.

මෙම අවස්ථාවේදී මෝටර් රථය එම මාර්ගයේ ගමන් ගත් අඹුසැමි යුවළගේ ගැටී ඇති අතර එහිදී අදාළ අඹුසැමි යුවළ බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අතරමගදී අනතුරකට ලක්වූ කාන්තාව මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් රංගන ශිල්පී නාගභූෂණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.