31.1 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළිඳක තිබී අත් බෝම්බ 14ක් සොයාගැනේ

ළිඳක තිබී අත් බෝම්බ 14ක් සොයාගැනේ

වවුනියාවේ තච්චන්කුලම ප්‍රදේශයේ ළිදක තිබී හමු වූ එකම වර්ගයේ අත් බෝම්බ 14 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (30) පුපුරවා විනාශ කොට තිබෙනවා.

පෞද්ගලික ඉඩමක ළිදක් සුද්ධ කරමින් සිටි අවස්ථාවේදී මෙම අත් බෝම්බ ඉඩම් හිමියා විසින් දැක ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය දැණුවත් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස් නිලධරින් පැමිණ එම ස්ථානයට ආරක්ෂාව යොදවා පසුව අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලවා අත් බෝම්බ පුපුරවා විනාශ කොට තිබෙනවා.