26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් මිල වැඩි කිරීමෙන් සංස්ථාවට ලාභයක්

තෙල් මිල වැඩි කිරීමෙන් සංස්ථාවට ලාභයක්

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසු ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ, ලංකා අයි.ඕ.සී සමාගම සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ පිරිවැය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විශේෂ දැනුවත් කිරීමක් කර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙම දැනුවත් කිරීම සිදුකර ඇති අතර එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ රුපියල් 62 කින් මිල ඉහළ දැමූ ලංකා සුපිරි ඩීසල් ලිටරයකින් ශත 61ක ලාභයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවතින බවයි.

එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් ශත 01ක ලාභයක් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් ශත 39ක ලාභයක් ද තෙල් සංස්ථාවට පවතින බව එහි සඳහන්.

මීට අමතරව ඊයේ රාත්‍රියේ රුපියල් 10 කින් මිල ඉහළ දැමූ ලංකා සුදු ඩීසල් ලීටරයකින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ශත 51ක ලාභයක් ද හිමිවන බව සඳහන්.

මීට අමතරව භූමිතෙල් ලීටරයකින් ශත 15ක ලාභයක් ද උපයන බව අමාත්‍යවරයා මෙමඟින් පෙන්වා දී තිබෙනවා.