27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentයතුරුපැදි අනතුරකින් පාසල් දරුවෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් පාසල් දරුවෙක් ජීවිතක්ෂයට

වවුනියාව, පුදුකුලම ප්‍රදේශයේ ඊයේ (03) සවස සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 09ක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඊච්චන්කුලම පොලිසිය පැවසුවේ වයස අවුරුදු 09ක් හා 07ක් වනදරුවන් දෙදෙනෙකු සිය පියා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදිය ටිපර් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී පෙරළි ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ දරුවන් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමේදී වයස අවුරුදු 09ක් වූ වී.ඩිනෝජන් නමැති වවුනියාව, පුදුකුලම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ දරුවාගේ පියා හා සහෝදරයා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.