― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentතලගලදී බස්රථයක් පෙරළෙයි

තලගලදී බස්රථයක් පෙරළෙයි

නුවරඑළිය බස් නැවතුම්පොළ ආසන්නයේ, ග්‍රෙගරි වැවට නුදුරින් පිහිටි තලගලඔයට පෞද්ගලික බස් රථයක් පෙරළී (08) දින අනතුරක් සිදුව තිබේ.

නුවරඑළිය සිට නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශය දක්වා ධාවනය වන මෙම බස් රථය ගාල් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී රියදුරුගේ පාලනයෙන් ගිලිහී තලගලඔයට පෙරළීමෙන් අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ සිට ඇත්තේ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණක් බවත්, ඔවුන් දෙදෙනාට කිසිදු තුවාලයක් සිදුව නොමැති බවත් නුවරඑළිය පොලිසියේ නිලධාරියෙකු සඳහන් කර ඇත.