27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් මල් කැකුළක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් මල් කැකුළක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථ අනතුරකින් අවුරුද්දක් වයසැති බිළිඳෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (04) කොහුවල සිට දෙහිවල දෙසට ධාවනය වූ මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් කාන්තාවක්, මව සහ ඇයගේ බිළිඳා බරපතල තුවාල ලබා ඇති අතර බිළිඳා රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් අනතුරුවයි බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මව සහ අනෙක් කාන්තාව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසුව ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉදිරියට ඇදී ගොස් නිවසක ගේට්ටුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.